in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
සෝමාවතිය පිංකම
බොහෝ කලක් සිට අරමමතුල තනිව
සිතුනි වඩින්නට පිදුමට සෑ මළුව
නමින් නිමැයූ ඈ සෝමා දේව
බැතින් නැමදුවෙමි සැදැහැව පෑව
සිටියද වැඩ බොහෝ සෑ රදුනද නේක
සෝමාවතිය මවෙයි ඉපැරණි වනසේක
සෑදුව ගැමුණු දුටුවන්ගේ මීමුත්තන් මේක
වටවී ඇත වන වදුලක බරසිරි නේක
දුරකි ඇති බොහෝ සිට නම බෝලන්කන්ද
කිහිපයක පැය ගතවෙයි ගමනට මගද
දකිති බොහෝ හොඩ ඇත්තන් මග නිබද
ගලති ගග නමින් මහවැලි සැඩ විටෙකදි සැරවීද
කල දම් දෙසුම යම් පමණට කෙරුණා
මඩ ගොඩ නැතත් තෙත පස උඩ එය කෙරුණා
පිරිස නහයෙන් ඇඩුවත් මට එය නොම ඇසුනා
අවසන භාවනාවද තව දම් පැණ ඇසුනා
හිටිගමන් හමනා සිසිලස සුලගකද සොද
දැනෙන විට සිහියකි ගත සිත නිවද
විටෙක දැනෙනු විය මෙය ටික ටික තදවීද
සමාධිය වැඩීවී නොව වැහිබිදු බාද
නැවතුන භාවනා සහ තව දම් කරුණු සෑම
සිල් රෙදි අරන් සැදැහැන් දිවයයි දසතම නෑම
මමත් රිංගුව තැන නම විය දෙවි නම විශ්ම
යංතං බේරුනා වැස්සෙන් පිනකට දෙවි බබුන් සැම
වසිති වැසි බෙහෙන් මළුවම තෙත වීද
බසිති හොඩ ඇත්තනං මග හවහට නේද
උඩුගම වැස්ස ආවොත් පහලට සේද
එන්න වෙන්නෙ බෝට්ටුවෙන් නේද
කියා අසනු ඇසුනා හඩ ගම නඩේ ගුරා
වහා දුවන්නට විය බසයට සීල දරා
සිහිය කියූවද වැඩිපුර වතුරට සේදු පෙරා
පිරිස හූ තියයි නැති ඇති දෙය අයව සරා
දහවල් දානය බසයට වී ගත් සිල් පිරිස
සොයන්නට විය මිරිවැඩි තැනතැන විමස
දමන්න පෙර වතුරත් පාරෙන් සවස
විගහට පියැබුවා සෝමාවතියෙන් විගස
පිංකම යෙහෙකි හැකි උපරිමයෙන් කෙරුණ
ලැබුනි අසිරුවද සෝ දම් යහමින් කරණ
සිතමින් ලද සිසිලස නිම නොමම වෙන
පිංකමේ නිමාවිය මේ ලෙස අද පොහෝදින
මේධාවි ස්ව
🌻🌻🌻🦋
2 - 0
නූතනයේදී, සාම්ප්‍රදායික බොදු පිළිවෙත පුරුදු පුහුණු කරන සෙනසුනකි