Channel Avatar

Geek Portal @UCyT0KcpCOOHrWemfYbA7_Fw@youtube.com

3.7K subscribers - no pronouns :c

SEO and Shopify expert. Also NFT investor


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Geek Portal
Posted 2 years ago

සෝතාපන්න යැ යි කියන පුද්ගලයා කෙබඳු සත්ත්වයකු දැයි කොහොමට වත් තේරුම් ගන්නට බැරි හැටියට අප හිතෙන් මවාගෙන සිටීමත් අවාසනාවන්ත තත්ත්වයක්. අනේකවිධ අසාමාන්‍ය ගුණ ලක්‍ෂණ ආරෝපණය කොට එහෙම කෙනකු නම් කොහොමවත් සිටින්නට බැරි යන යන වග තරයේ විශ්වාස කරන ආකාරයටයි සමාජය දැනුවත් වී තිබෙන්නේ. එසේ වූ විට කෙනෙක් මෙය අපට නම් කෙසේවත් ලබාගත නො හැකි තත්ත්වයක් යැ යි එක එල්ලේ ම තීරණය කොට ඒ වෙනුවෙන් ගත හැකි උත්සාහයත් අත හරිනවා.

විනය පිටකයත්, සූත්‍ර දේශනයනුත් හරි අවබෝධයකින් කියවන්නට ඔබ කැමැති නම් සෝතාපන්න පුද්ගලයකුට සෝතාපන්න ව හිඳිමින් කළ හැකි දේ දැන ගත් විට ඔබ මවිතයට පත්වනු ඇති. පුද්ගලයා ගිහි වුවත්, පැවිදි වුවත්, එය එසේ ම යි.

අපි මුලින් ම සොයා බලමු. කවර හේතුවක් නිසා වත් සෝතාපන්න පුද්ගලයකු අතින් සිදු නො වන වැරැදි මොනවා දැ යි.



* සෝතාපන්න ආර්යයකු අතින් කිසි සේත් ම සිදු නො වන වැරැදි හයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

1. මව මැරීම

2. පියා මැරීම

3. රහතන් වහන්සේ නමක් මැරීම

4. පවිටු චේතනාවෙන් බුදුන් ගේ ශරීරයේ ලේ සෙලැවීම

5. සංඝ භේදය (සෝවාන් මාර්ගයට පිවිසී සිටින්නා ගේ සිට රහත් වී සිටින්නා දක්වා අට්ඨ පුරිස වූ පුද්ගලයන් අතර සමඟිය බිඳීම)

6. නිවන් ලැබීම සඳහා බුදුන් වහන්ස් හැර වෙනත් ශාස්තෘවරයකු අනුගමනය කිරීම.

ඉහත සඳහන් කරන ලද වැරැදි හැර වෙනත් ඕනෑ ම වැරැද්දක් සෝවාන් වූ පුද්ගලයකු අතින් සිදු වන්නට පුළුවන්. ඔබ මතක තබා ගත යුතු යි. මාර්ග හෝ ඵල හෝ ලැබූ අයට නැවත එම මාර්ග/ඵල ලාභය අහිමි නො වන බව.



* අංගුත්තර නිකායේ, ඡක්ක නිපාතයේ, දුතිය පණ්ණාසකයේ, මහා වග්ගයේ, චිත්තහත්ථි සාරිපුත්ත සූත්‍රය අධ්‍යයනය කර බැලුවහොත්, ඔබ අනාවරණය කර ගනීවි, සෝතාපන්න වූ භික්ෂුවක්, කාම ආශාවන් උඩ සිවුරු හැරීම පවා සිදු කර ඇති ආකාරය.




* සෝතාපන්න පුද්ගලයා බැලූ බැල්මට කොතරම් සාමාන්‍ය පුද්ගලයකුට සමාන ද යන්න ඔබ මැනවින් වටහා ගන්න. සෝතාපන්න පුද්ගලයා අතින් පන්සිල් පද සියල්ල ම වුණත් බිඳෙන්නට පුළුවන් බව තේරුම් ගන්න. එහෙත් ඒ ගැන සිහිපත් වූ වහා ම ඔහු වැරැද්ද නිවැරැදි කර ගත යුතු බව වටහා ගන්නවා. ඒ කළේ වැරැද්දක් බව ඔහු ගේ ප්‍රඥාව වහා ම ඔහුට දැනුම් දෙනවා. එවැනි වැරැදි නො කරන්නට වීර්ය වන්ත වෙනවා. එහෙත් පෘථග්ජනයා කෙතෙක් වාරයක් පන්සිල් උල්ලංඝනය වුවත් එය නිදොස් කර ගන්නට උත්සාහ දරන්නේ නැහැ. මෝහය ජය ගෙන ඇති විට ප්‍රඥාවේ ආලෝකය පහළ වන්නට ඉඩක් නැහැ.

* ඒ වාගේ ම එක්තරා සීමාවක් යටතේ තරහ ගැනීම, ව්‍යාපාදය, ඊර්ෂ්‍යාව, ලෝභ කම, අනුන් රැවැටීම, කපටිකම, ලජ්ජා භය නැතිකම පවා සෝතාපන්න පුද්ගලයා තුළ තිබෙනවා විය හැකි යි.

* සෝතාපන්න පුද්ගලයා සිය දිවි නසා ගැනීමට පෙළැඹුණත් ඔහු ගේ සෝතාපන්න බවට හානියක් සිදු වන්නේ නැහැ. කෙසේ වුවත් සිය දිවි නසා ගැනීම ප්‍රාණඝාතයක්.

* ඔබ පිළිගන්නවා ද මත්පැනට ලොල් ව සිටි සරකානි නම් වූ පුද්ගලයෙක් සෝවාන් වූ පසුත් ඒ පුරුද්ද අත් නොහළ බව? ශාක්‍යවංශික සරකානි බුදුන්ගෙන් බණ අසා සෝතාපන්න ඵලයට පත් වුණා. ඒත් ඔහුට සෝවාන් වෙලාත් ඒ පුරුද්ද අතහැර ගන්නට බැරි වුණා.

1 - 0

Geek Portal
Posted 2 years ago

සිත පිළිබඳ විග්‍රහ කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු අසලට එන්නට තරම්වත් හැකි කිසිදු මනෝවිද්‍යාවක් පෙරදිග හෝ අපරදිග හෝ නොමැත. එදා මෙදාතුර පවතින සියලු මනෝවිද්‍යාත්මක කරුණු බුද්ධදේශනාව තුළ අන්තර්ගතව ඇත. බුද්ධ දේශනාව වනාහී බටහිර මනෝවිද්‍යාව වැනි තර්ක මත ගොඩනැඟුණු, හොඳ නරක මිශ්‍ර වූ, අනුමාන කිරීමෙන් ප්‍රකාශිත දෙයක් නොවේ. ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ගත හැකි ඉතා සුපිරිසුදු ඥානයකි. මනැස පිළිබඳ නිරවුල්, නිවැරැදි වැටහීමක් කෙලෙසකවත් බුදුදහමෙන් එපිට විද්‍යාවක් තුළින් ලබා ගත නොහැක. විද්‍යා උපාධි කොතෙක් ලබා ගත්තද සම්බුදුදෙසුම හමුවේ ඒ සියල්ල නිශ්ප්‍රභ වෙයි. භාවනා කරන ඇතැම් දෙන සිරුර භාවනාවෙහි යෙදුවත්, සිත භාවනාවේ නොයොදවති. පැවිදි වීමේ දී වුව ද එකරුණ එලෙසමය. සිත පැවිදි නොවී කය පැවිදි කර ගත් බොහෝ දෙනා සමාජය මුළාවට පත් කරති. එමගින් සිදුවන්නේ මග ඵල ලාභීන් බිහිවීම කෙසේ වෙතත්, පැවිදි බව ව්‍යාපාරයක් කර ගත්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් පවා නොමැති, සසුනට හානි කරන, සමාජය අවුල් සහගත තත්ත්වයට පත් කරන එක්තරා පිරිසක් බිහි වීම පමණකි.

2 - 0

Geek Portal
Posted 2 years ago

දෙව්දහ නුවර, කිඹුල්වත්නුවර, කුසිනාරානුවර, රජගහ නුවර, මේවා හෙළ නම් ගම් නොවේද?
නුවරවල් පුරවල් තිබ්බේ කොහෙද?
බුද්ධාගම ඉන්දියාවේ තිබිලත් පාලි භාෂාව ලියන්නෙත් සිංහල අකුරු වලින් ,හින්දි අකුරු වලින් හරි ඒ හා සමාන අකුරු නැති එක අවුලක්,අඩුගානෙ අකුරු කීපයක්වත්

0 - 0

Geek Portal
Posted 2 years ago

පොඩි කාලෙ ඉදන් මටත් තිබුණ උත්තර නැති ප්‍රශ්න තමයි..
- උතුරු ඉන්දියාවෙ ඉඳල බුදු හාමුදුරුවො මෙහේ වැඩියෙ උඩින්ද?


- අර ගිරිහඬු සෑය හදපු අය නේපාලෙදි හම්බ වෙලා මෙච්චර දුර ඇවිල්ල චෛත්‍ය හැදුවෙ ඇයිද?
- බුදු හාමුදුරුවො මෙච්චර මේ දූපත ගැන අවධානය තිබුණ එකේ මෙහේ ඉපදුනේ නැත්තේ ඇයිද?
- මේ නම් සියල්ල සිංහල නම් වුනේ කෙසේද?
- බුදුන් වහන්සේ වැඩ උන්නා කියන කාල වකවානුවේ ඉන්දීය ඉතිහාසයට අනුව තිබුනයි කියන ග්‍රීක හෝ පර්සියන් ආක්‍රමණ සහ අධිරාජ්‍ය ගැන බෞද්ධ ඉතිහාසයේත් බෞද්ධ සමාජයක් ගැන ඉන්දීය ඉතිහාසයෙත් නැති උනේ කොහොමද?

- ඩේරියස් රජතුමා ළඟම ඉන්න කොට එහේ ප්‍රශ්ණ විසඳන්නේ නැතුව මෙහේ වැඩියේ ඇයිද?
- බුදුන්ගේ සියලුම ධාතු මෙහේ ගෙනාවේ කව්ද?
- යක්කු යනු කව්ද?

- නාගයෝ යනු කව්ද?
- මැණික් පුටු හදපු අමනුස්සයො හිටියද?
- මුචලින්ද නයෙක් ද?

- අලව් යක්ඛ රජා ගෙවල් දොරවල් තිබුනු අත්භූත යකෙක්ද?
- නැඟෙනගිර පළාතේ හා වන්නියේ කැලෑවල නටබුන් අනුරාධපුර හා පොළොන්නරුවේ නටබුන් වලට වඩා වැඩි ඇයිද?

- ඒවා සියල්ල තනි කලුගල් නටබුන් වන්නේ ඇයිද?
- ඉන්දියාවේ බලන්න යන ඒවා සියල්ල කෝවිල් හැඩයේ නේද?
- බුදු හාමුදුරුවේ මේ වගේ ගඩොල් මාලිගා වල වැඩ වාසය කළ කෙනෙක්ද?
- කිලෝමීටර් දහස් ගණන් බුදුන් දිනක් දෙකක් තුල වැඩියේ කෙසේද?

- එහේ සෙල් ලිපි අඩු හා අමුතු ඇයිද?
- ජෛනාගමත් තියෙද්දී මේකම නැත්තට නැති වුනේ ඇයිද?

- බුදුන් ගේ දර්මය හා සියලු පොත්පත් ඉන්දියාවේ සිට 6 දෙනෙක් ගෙනාවේ කොහොමද?
- එහේ ඒවාට මොකද වුනේ?
- මහසෙන් දවස මහා විහාරය සමග ඒ වන තෙක් තිබූ මේ දූපතේ ලිඛිත ඉතිහාසය ගිනි තැබුවේ කුමක් සැඟවීමටද?

- ඉස්සරත් එහේ වන්දනාවෙ ගියාද?

- ඉන්දියාවෙ තියෙන පිළිම සමහර ඒවයෙ සිවුර නැති නිසා මහාවීරගෙද?
- තෙල්දෙණියෙ ඉන්දසාල ගුහාව බුදුන් වහන්සේ වැඩ හිටපු ගුහාවය කියලා ලියලම තියපු පරණවිතාන මහත්තයා ඉන්දියාවෙන් මෙහාට බුදුන් වහන්සේ වැඩි බවට කිසිඳු සාක්ෂියක් නැතැයි කියා කියූ අපබ්‍රංශයේ තේරුම කුමක්ද?

0 - 0

Geek Portal
Posted 2 years ago

පසේ බුදුවරු වනාහි තමන් අවබෝධ කළ ධර්මය වචනවලින් අන්‍යයන්ට ප්‍රකාශ කිරීමට සමත් නොවෙති. උන්වහන්සේලා අවබෝධ කළ ධර්මය ගොළුවකු දුටු සිහිනයක්‌ මෙන් යෑයි ද වැද්දකු විසින් නගරයකදී අනුභව කළ ව්‍යංජන රසයක්‌ මෙන් යෑයි ද පොත පතෙහි විස්‌තර කෙරේ. ගොළුවා දුටු සිහිනය තමාම දැන සිටිනවා මිස අනෙකෙකුට දැන්වීමට සමත් නොවේ

සම්‍යක්‌ සම්බුද්ධත්වය පතන මහ බෝසත්වරයකුගේ අභිනිහාරය කරුණු අටක්‌ ඇති කල්හිම සමෘද්ධ වේ.

i මිනිසෙකු වීම

ii පිරිමියෙකු වීම

iii ඒ ආත්මයේදී රහත් වන්නට තරම් මේරූ පින් ඇති අයෙකු වීම.

iv ජීවමාන සම්‍යක්‌ සම්බුදුවරයකු හමුවීම.

v කාමයන්ගෙන් වෙන්ව පැවිද්දට පැමිණියෙකු වීම.

vi පංච අභිඥා අෂ්ට සමාපත්ති උපදවාගත්තෙකු වීම.

vii බුදුරදුන් කෙරෙහි ආත්ම පරිත්‍යාගය

viii කොතරම් හිරිහැර වුවත් බුදුබව ලබා ගනිමි යන බලවත් කැමැත්ත

පසේ බුදු බව පතන බෝසතුන්ගේ අභිනිහාරය කරුණු පහක්‌ එකට යෙදුණු කළ සම්පූර්ණවේ.




ඒ අනුව

i මිනිසෙකු වීම,

ii පිරිමියෙකු වීම,

iii බුදු පසේබුදු, මහ රහතන් වහන්සේලා අතරින් කෙනෙකු හමුවීම,

iv ජීවිත පරිත්‍යාගය,

v බලවත් කැමැත්ත,

එල්ලාවල මේධානන්ද හිමි නිකවැරටියට නුදුරු සවරන්තෙල්ගල ලෙනෙක තිබී කියෑවූ ලෙන් ලිපියක පසේ බුදු හිමි නමකගේ ධාතු නිදන් කර තැනූ දාගැබක්‌ ගැන කියයි. 'දශවන පචෙක බුදහ ථූපෙ' (දසවන පසේ බුදුහිමිගේ ධාතු නිදන් කළ දාගැබයි) යනුවෙන් එම ලෙන් ලිපියේ කියවෙයි. මේ ලිපියේ එන දහවැනිපසේ බුදුහිමි යනු ඉසිගිලි සූත්‍රයට අනුව නිථයි. මේ අනුව සවරන්තෙල්ගල ලෙන් ලිපියේ කියෑවෙන ධාතු හිමි වන්නේ නිථ පසේ බුදු හිමිටයි. සවරන්තෙල්ගල ආසන්නයේ ඇති ගල්ලෙන්විහාරයක ලෙනක නම 'ගඳමදන' යි. ගඳමදන හෙවත් ගන්ධමාදන යනු ඇතැම් විට නිථ පසේ බුදු හිමි වැඩ විසූ ගල් ගෙන යෑයි අනුමාන කළ හැකිය.

2 - 0

Geek Portal
Posted 2 years ago

??

0 - 0

Geek Portal
Posted 2 years ago

ශාක්‍ය වංශය සමූල ඝාතනය
ස්වකීය ඥාති වර්ගයාගේ යහපත, හිතසුව කැමති වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මැදිහත් වීමෙන් ශාක්‍ය සංහාරයට නික්මුණු විඩූඪභගේ ගමන තෙවරක් ම වැළකුණා. නමුත්, ශාක්‍යයන් මෙසේ සංහාරයට ලක් වන්නේ කර්ම විපාකයකින් බව දුටු සම්බුදුරජාණන් වහන්සේ නිහඬ වූවා. විඩූඪභ රජු ශාක්‍යයන් සමූල ඝාතනය කළා. ශාක්‍ය රුධිරයෙන් ශාක්‍යයන්ගේ රාජකීය ආසනය සෝදාහැරියා. ඔහු අතිශය රූමත්, රාජ සුකෝමළ ශාක්‍ය කන්‍යාවියන් පන්සිය දෙනෙකු අල්වාගෙන, දෑත් පිටුපසට තබා එකම රැහැනකින් බැඳ කෝසල රාජධානියට ගෙන යෑම පිණිස පා ගමනින් ම පිටත් කරවනු ලැබුවේ ඔවුන් ව දාසි භාවයේ තබන අදහසින්.

ස්වකීය ඥාති සමූහයාගේ දුක්ඛිත මරණයන්ගෙන් ද තමන් විසින් ම මුහුණ පා සිටින ඛේදජනක ඉරණමින් ද උපන් ශෝක වේදනාවෙන් පරිපීඩිත ව හුන් ඒ රාජ කුමාරිකාවෝ විඩූඪභටත්, සේනාවටත් දෙස්දෙවොල් තබමින්, අවලාද නගමින්, අඳෝනා කියමින් ගමනේ යෙදුණා. පන්සියයක් වූ ඒ පිරිසේ ශාප කිරීම් තවදුරටත් අසා සිටින්නට බැරි වූ තැන ඒ පිරිසේ අත් ද පා ද කපා දමන්නට කියා විඩූඪභ රජු අණ කළා. රාජ නියෝගය ක්‍රියාත්මක කළ සේනාව විසින් ඒ ශාක්‍ය කන්‍යාවියන් පන්සිය දෙනාගේ ම අත් ද පා ද සිඳිනු ලැබුවා.



ප්‍රිය විප්පයෝගයෙන් මැඩෙමින් හුන් ඒ රාජ කුමාරිකාවන් අත්පා ද සිඳිනු ලදුව මාරාන්තික කටුක කායික වේදනාවන් විඳිමින් සිටිය දී සම්බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේනමකට මෙසේ වදාළා.



“පින්වත් භික්ෂුව, මෙහි එන්න. මාගේ ඥාති දියණිවරුන් අනතුරේ වැටෙන්න යි යන්නේ. ඔවුන් බේරා ගන්න…”

විඩූඪභ රජු ශාක්‍ය සංහාරයේ යෙදෙද්දී හෝ මේ රාජ කුමාරිකාවන්ගේ දෑත් පිටිතල තබා රැහැනින් බැඳ ගෙන යද්දී හෝ ඔවුන්ගේ අත්පා සිඳිනු ලබද්දී හෝ ‘ඔවුන් අනතුරේ වැටෙන්න යි යන්නේ’ කියා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. නමුත්, අත්පා සිඳිනු ලැබ මරුමුව වැටී සිටින මේ මොහොතේ ඔවුන් අනතුරේ වැටෙන්නට යන බව සම්බුදුරජාණන් වහන්සේ දැක වදාළා. ඇත්තට ම මොකක්ද තවදුරටත් වැටෙන්නට තිබෙන අනතුර?

1 - 0

Geek Portal
Posted 2 years ago

මේ කතාව බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච ඇත්තම කතාවක්.. කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවේ.. දවසක් ස්වාමින් වහන්සේලා පිරිසක් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා හරි අපූරූ කතාවක් කියනවා.. ""ස්වාමිනී අද අපි වඩිනකොට දැක්කා පිදුරු ගොඩකට ගිණි ගහලා තියෙනවා.. ඒ වෙලාවේ ඒ ගිණි ගොඩ ලගින් අහසේ කපුටෙක් පියබලා ගියා.. අර ගිණි ගොඩේන් ගිණිගත්ත පිදුරු කෑල්ලක් එක පාරම අහසට ගිහින් අර කපුටගේ ඇගේ වැදුනා.. අනේ ස්වාමිනී අර කපුටා එක පාරම ගිණි ගන්න පටන ගත්තා.. සම්පූර්ණයෙන්ම ගිණි ඇරගෙන මැරිලා එහෙම්ම බිමට වැ‍ටුනා.. ස්වාමිනී භාගය්වතුන් වහන්ස..අපිට හිතා ගන්න බෑ ඒ මොකක් ද උනේ කියලා..""" ඒ වෙලාවේ භාගයවතුන් වහන්සේ අර කපුටගේ සසරේ කතාව දේශනා කලා.. මේ කපුටා ඉස්සර මනුස්සයෙක්.. ගොවියෙක්.. දවසක් මේ මනුස්සයාගේ හරකා කුඹුරට බැහැලා ගොයම විනාස කරලා දැම්මා.. මේකට අර හරකත් එක්ක යකා නැග්ග මනුස්සයා.. හරකගේ අත් කකුල් බැදලා පිදුරු ටිකක් ඇගට දාලා ගිණි තිබ්බා.. හරකගේ කතාව එතනින් ඉවර උනා.. අහෝ සසරක හැටි..අර මනුස්සයා මැරිලා නිරයේ යනවා.. ඊට පස්සේ උපදින හැම ආත්මෙකම ගිණි අරගෙන මිය යනවා.. මේ ගිණි අරගෙන මිය යන්නේ සසරේ පස්වන වතාවට කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.. ඕක තමයි සසරේ හැටි..ගිණි තියන්න ලේසියි..මරපං කියන්න ලේසියි...හැබැයි සසර පුරා ඒ කර්මය පස්සෙන් එනකොට විදවන එක ලේසී නෑ.. බේර ගන්න කවුරුත් නෑ..

1 - 0

Geek Portal
Posted 2 years ago

අප ගෞතම බුදුන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය තවම සිදු වී නැත. ධාතු පරිනිර්වාණය යනු නාග, දිව්‍ය, මනුෂ්‍ය යන තුන් ලෝකයේත්, බ්‍රහ්ම ලෝකයේත් සෑම තැනකම විසිරී ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ එක් ස්ථානයකට එකතු වී ක්‍ෂණිකව බුද්ධ කයක් ජීවමාන වී මොහොතක් බණ කියා ආදාහනය වීමයි. මෙය ගෞතම බුද්ධ ශාසනයේ අවසානය වේ. මේ මහා ප්‍රාතිහාර්යය 2020 නොවැම්බර් මසින් තවත් වර්ෂ 2436 ක් ගිය තැන අනුරාධපුරයේ රුවන්වැලි මහ සෑ පුද බිමෙන් ආරම්භව සියලු බුදුවරුන් බුදුවන බුද්ධගයා මහා බෝධි මූලයේදී සිදු වේ. මෙම ධාතු පරිනිර්වාණය සිදුවන අවස්ථාවේ මොහොතක් දෙසන දම් අසා රහත් වන වාසනාවන්ත පිරිස් ද සිටින බව ධර්මයේ සඳහන් ය. මෙම අසිරිමත් සිදුවීම සිදුවනුයේ ද වෙසක් පොහෝ දිනකමය.

1 - 0

Geek Portal
Posted 2 years ago

රහතන් වහන්සේලා වර්ග කීපයකි.

1. ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ

කිසිම ඍද්ධි ප්‍රාතිහාරයක් දැක්විය නොහැකිය.( අහසින් ගමන් කල නොහැකි වීම,පොලව තුලින් කිමිදීමට නොහැකි වීම, අනුන්ගේ හිත් දැන ගැනීමට නොහැකි වීම, පෙර සහ පසු ආත්ම පිලිබඳ දැන ගැනීමට නොහැකි වීම)



2. ත්‍රිවිද්‍යා ප්‍රාප්ත රහතන් වහන්සේ

ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලාට වඩා ඉහල ධ්‍යාන මට්ට්ටමක් ඇත. ( පෙර ආත්මය බැලීමේ හැකියාවක් තිබීම, සත්වයාගේ චුථි උප්පත්තිය බැලීමේ හැකියාව, ආශ්‍රවයන් ක්ෂය කිරීමේ ඥාණය නොහොත් ආසවක්කයා ඥාණය පිහිටීම)



3. ශඩ් අභිඥ්ඥා ලාභී රහතන් වහන්සේ

ත්‍රිවිද්‍යා ප්‍රාප්ත රහතන් වහන්සේලාට වඩා ඉහල ධ්‍යාන මට්ටමක් ඇත. ධ්‍යාන මට්ටම් අටක් සහිතව සියලු අභිඥ්ඥා සහිතයි.



4. සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා

අර්ථ , ධර්ම, නිරුක්ති, පටිභාන යන ඥාණ හතර සහිතව රහත් බවට පත් වූවා නම් එම රහතන් වහන්සේලා සිවුපිලිසිඹියාපත් මහරහතන් වහන්සේ යැයි කියයි.
( අර්ථ- ඵලය ධර්ම-හේතු නිරුක්ති- ලෝකයේ විව්‍යහාර භාශා 100ක් සම්පූර්ණ ව්‍යාකරණ සහිතව අවබෝධය ලැබීම. පටිභාන- තමා දන්න ව්‍යාකරණ ඥාණයත් හේතුපල දහමත් මනාව සම්බන්ද කර මනාව ගලපවීමේ හැකියාව තිබීම).

එම රහතන් වහන්සේලාට උදාහරණ :- අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ, මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේ, රේවත මහ රහතන් වහන්සේ, සබ්බකාමී මහ රහතන් වහන්සේ, නාගසේන මහ රහතන් වහන්සේ.



5. අසූ මහා ශ්‍රාවක මහ රහතන් වහන්සේලා

සිව්පිලි සිඹියාපත් මහ රහතන් වහන්සේලාට වඩා ඥාණ මට්ටමින් ඉහල මහරහතන් වහන්සේලා අසූ මහා ශ්‍රාවක මහ රහතන් වහන්සේලා නමින් හැඳින්වේ.



6. අග්‍ර ශ්‍රාවක මහ රහතන් වහන්සේලා.

අසූ මහා ශ්‍රාවක මහ රහතන්වහන්සේලාට වඩා ඥාණ මට්ටමින් ඉහල මහ රහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක මහ රහතන් වහන්සේලා නමින් හැඳින්වේ.

1 - 0