Channel Avatar

Shilpa Potha - ශිල්ප පොත @UCjX2BE4H7s4Yhs_Jkzl27lA@youtube.com

7.7K subscribers - no pronouns :c

🌟මානව ලෝකයේ සැඟවුණු දැනුම වර්තමානිකයාගේ ජීවිතයට එකතු කරවීමට


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Shilpa Potha - ශිල්ප පොත
Posted 2 days ago

🌻 බුදුරජාණන් වහන්සේට මල් පූජා කිරීමේ ආනිසංස 🪷

🌟 පදුම හිමි⁣ පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පූජා කල පිනෙන් මල් පෙති ගණනට සක්විති රජව ඉපදුනා. හත්සිය වතාවක් පෘතුවි රාජ්‍ය කලා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වූ බව පෙන්වා ඇත.
(ආපදාන පාලි බු.ව 193 පිට)

🌟 තිඋප්පලමාලිය හිමි විපස්සී බුදුරජුට උපුල් මල් තුනක් පුදා කල්ප අනූ එකක් දුගතියට නොයන ලදී. මේ පිනෙන් තුන්සිය වතාවක් සක් දෙව් රජ වී ඉපදුනා. පන්සිය වතාවක් සක්විති රජ වුනා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රය වුනා. බලන්න සත්පුරුෂයෙනි හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය.
(ආපදාන පාලිය 342 ආපදානය)

🌟 සත්තුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිඛී බුදුරජාණන් වහන්සේට මානෙල් මල් සතක් එකඟ සිතින් නුවණ යොදා පිදූ පිනෙන් වාර හැත්තෑ හතක් දෙ දෙව් ලොවට අධිපති සක් දෙවිඳුගේ බිරිඳ වී උපන්නා ය. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම දිවියකදී ම ලැබුණු අතර අවසානයේ නිවනට ද මේ උතුම් පින උපනිශ්‍රය විය.

(ථේරි අපදානය 8)

🌟 තිකණිකාර පුත්ථිය හිමි සුමේධ බුදු රජාණන් වහන්සේට කිණිහිරියා මල් තුනක් පැහැදුන සිතින් නුවණ යොදා පූජා කල පිනෙන් තුන්සිය වතාවක් සක්විති රජ විය. පන්සිය වතාවක් සක් දෙව් තනතුර ද හැම ජීවිතයකදීම පහත සදහන් විපාක ද ලැබුණා හ.

🟢 මහත් භෝග සම්පත් ඇත්තෙකු වුණා.

🟢 පහත් කුලවල නො ඉපිද උසස් කුලවල ම ඉපදුනා.

🟢 කැමති කැමති යාන වාහන ලැබුණා.

🟢 බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසි දස්සන් ලැබුණා.

🟢 බොහෝ අගනා වස්ත්‍රාභරණයන්ට ලාභී වුණා.

🟢 සෑම කල් හි අන් අයගේ ගෞරවයට පාත්‍ර වුණා.

🟢 උසස් කීර්තියක් ඇත්තෙක් වුණා.

🟢 සෑම කල් හි බොහෝ පිරිවර ජනයා ඇත්තෙක් වුණා.

🟢 තම පිරිස කිසිවෙකුට භේද කළ නොහැකි වුණා.

🟢 ඥාතීන් අතර උසස් (උතුම්) ශ්‍රේෂ්ඨයෙකු වුණා.

🟢 ශීත උෂ්ණ වලින් පීඩාවක් නො වුණි.

🟢 කායික හා මානසික දාහ නැති උතුමෙක් වුණා.

(අපදාන පාලි: 501 වන අපදානය)

අවසානයේ නිවන් සුව අවබෝධයට ද ඒ උතුම් පින උපනිශ්‍රය වුණා.

24 - 0