in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
කර්මය කියන්නේ හරි පුදුම දෙයක්.ඒක විද්‍යාවට හසු වෙන්නෙ නෑ කවදාවත්..
සමූහයකට එකවර කර්මයක් විපාක දුන්නත් ඊට එරෙහි පුන්‍ය ශක්තියක් තියන කෙනාට ගින්නෙන් හෝ වස විසෙන් හෝ අවි ආයුධයෙන් හෝ වෙනයම් දෙයකින් හානියක් වෙන්නේ නෑ.
අක්කර දස දහස් ගණනක ධනය දැවී පිළිස්සී යන ගිණිදැල් මැද එක් පුංචි තැනක් මෙසේ ඉතුරු වෙනවා කියන්නේම මේ හිමිකරුවන්ගේ පුන්‍ය ශක්තියක් වෙන්න බැරිද.. කර්ම විෂය, ලෝක විෂය මෙන්ම සියලු ලෝක අතැඹුලක් සේ දැක දැන අවබෝධ කලේ එකම කෙනයි. ඒ බුදුරජාණන් වහන්සේ.උන්වහන්සේ දේශනා කල දෙයක් වරදින්නෙ නෑ..
🌼🌼🙏🙏
370 - 70
හැන්දෑවෙ අප්පච්චි යනකොට
බල්ල සරමෙන් ඇදල තිබුනා
කෑරලෙක් පොල් අත්තෙ ඉඳලා
පියඹලා විත් ඇඟේ වැදුනා
ගෙදර උළු වහු කඳේ ඉඳගෙන
හූන චික් චික් ගාල තිබුනා
කකුළ ලිස්සල වැටිල අම්මගෙ
කළේ ළිඳ ළඟ බිඳිල තිබුණා
පාන්දර තුන හමාරට කන
කොකෙක් සද්දෙට අඬල තිබුනා
වෙනද නොඑනා නරි රැලක් විත්
ගමේ හූ මිටි තියල තිබුණා
නොඑන නින්දක් එක්ක පැඳුරේ
අම්ම මහ රෑ ගෙවල තිබුණා
කණමැදිරි පහ හයක් අඳුරේ
ඇගේ තනියට ඇවිත් තිබුණා
කුඹුර අද්දර ඇළේ සද්දෙට
ගෙම්බො තරගෙට අඬල තිබුණා
වහල හරි මැද බාල්කෙක කළු
දෙබරු මීයක් බැඳල තිබුණා
උදේ දල්වපු පහන අද්දර අම්ම
පඬුරක් බැඳල තිබුනා
අප්පච්චි උන් පැලට ඉහළින්
තනිය බර අඩි තියල තිබුණා..
✍️ #කල්පනීගුණවර්ධන
218 - 29
සීගිරියට සමාන, ඒ තරම් විශාල නැති හතරැස් කලු ගලක් පිහිටි ඉඩමක් හොයා ගන්න පුලුවන් වෙයිද ලංකාවෙ කොහෙන් හරි, තොරතුරක් තියෙනවා නම් ෆේස්බුක් එකේ Minuwangoda Nuwan ට මැසෙන්ජර් හරහා විස්තර ලබා දෙන්න.
216 - 60
මීට අවුරුදු 1445 කට පූර්‍වයෙහි ලඞ්කාවේ අග්‍රරාජධානියක් ව පැවති සීගිරි නුවර වනාහි සිංහලයන්ගේ කීර්තිමත් නගරනාම මාලාවේ හතරවෙනි පුරප්‍රවරයවේ. අෂ්ටලොක ධර්‍මචක්‍රයේ ප්‍රකාර ඒ මහා පුරව්‍රවරය අධුනාකාලයේ සර්‍වාකාරයෙන් නැතිවමගොස් ඒ වෙනුවට තල්පත් හා පිදුරු සෙවිළිකරන ලද ගේ පැල් 11ක් ඇති කුඩා ග්‍රාමයෙක් ව තිබෙණු දකින්ට ලැබේ.
ඒ පැල් අපිරිසිඳුව ඇත්තාහ. නුමුත් එකිනෙකට ආසන්නව සාදාතිබෙත් තන්හි තන්හි සාදා තිබෙන වී සහ කුරක්කන් අටු හේතුකොට ගෙමිදුල් විශෙෂාලඞ්කාරයක් උසුලත් මනාසේ වැඩුණු ස්ථූල ශරීරයන් ගෙන් යුත් ගව මහීෂයෝද සමීපස්ථානයන්හි බැද සිටිත්. ළමා වහු පැටියෝද මව් දෙනුත් සමග පෙම්කෙළිමින් සිටිත්. යාපාගලේ ප්‍රාකාරයට පහලින් පිහිටි සීගිරි වැව ගොඩ වූ කොටසෙහි යථොක්ත ගෘහයන් සාදාතිබෙනබව පෙනේ. එහි පදිංචිකාරයින්ට “රට කෝරළේ මිනිසුන්ය” යි ව්‍යවහාර කරත්.
ඔව්හු ජමර
රොගයෙන් ද පරංගිරොගයෙන්ද අනූනවූවෝ වෙති. එසේම දාරිද්‍රතායෙන් ද අනුනබැව් අපටවැටහිණ. මේ ඉතාසාරවත්භූමිප්‍රදෙශය ක්වේ. තල්, පොල්, කෙසෙල් ආදිය හා එලවලු වර්‍ගද වවා සශ්‍රීක කරනලද ගෘහොද්‍යානයෝ එහි විද්‍යාමානවෙති. සීගිරිය බැලීමට පැමිණෙන්නා වූ විදෙශික මගීන්ට එහි විස්තර කියාදීමට බලය ලත් ඒ. ඩබ්ලිව්. ඒ.ජේ.ගුණවර්‍ධන නමැති “ගසීඩ්” මහතාගේ ගෘහය සහ තවත් කඩපිල් දෙකක්ද විශ්‍රාමශාලාවට ආසන්නව පිහිටුවා තිබෙත්. පුරාණ දේවල් සම්බන්‍ධ ආරක්‍ෂක “දෙපාර්‍තමෙන්තුවේ” කම්කරුවන්ගේ සහ “ඕවර්සියර්” තැනගේ නිවාසස්ථානයද මපාගලටත් පෙතන්ගලටත් අතරේ පිහිටුවා තිබෙත්.
සීගිරි නුවර වර්ණනාව නම් පොතින් උපුටා ගතිමි...තව විස්තර ඕනැද...?
352 - 11
ඔබ කියවල තියෙනවා ද එකල ජීවත් වූ සැබෑ වැදි ජනතාව ඇසුරින් ලියූ දොස්තර ආර් .එල්.ස්පිටල් ශූරින්ගේ Savage Sanctuary (වන සරණ්)පොත. එහි සිටින චරිත දෙකක් වන හීන් තුතී සහ හඳුනා යුවලගේ සැබෑ චායාරූපයක්.
237 - 10
ඉතිහාසය,ඓතිහාසික ස්ථාන,නටබුන්,ජනකතා,පුරාවෘත,උපකල්පන,සැගවූ දේවල්,මිත්‍යා මතවාද, ගල්පැලෙන බොරු, හෙළ ආහාර,සටන් කලා,දුර්ලභ බොහෝ දේ සහ තවත් නොයෙකුත් වීඩියෝ දැක ගන්න නරබන්න සබ්ස්ක්‍රයිබ් කර එකතු වන්න අප සමග...හෙළ මං සොයා යන්න..එන්න🙏