No content on this channel :c try Try Looking at shorts maybe lol :p
ලංකාවේ පාසල් මට්ටමේ සිට උසස් අධ්‍යාපනය හරහා ඉතිහාසය උගන්වයි.
විවිද මුලාශ්‍ර ඔස්සේ වනපොත් කල ඉතිහාසයක් අධිරාජ්‍යවාදීන් ගේ පාලනයට පෙරද ලංකාවේ ඉගැන්විණි.
ඒ වංශකතා | ජාතක කතා | ත්‍රිපිටකය | ජනකතා මෙන්ම හුරු පුරුදු හා ජනප්‍රවාද ද , තවත් මුලාශ්‍ර රාශියක්ද ඉතිහාසය ගැන කරුණු කියයි.
මෙම මුලාශ්‍ර ගැන අවබෝධයක් නැති ඉංගිරිසි සිවිල් නිලධාරීන් ඉන්දියාවේ හා ලංකාවේ ඉතිහාසය ගොඩනගද්දී බරපතල වැරද්දක් කර තිබේ.
ඒ හෙළබිම කොටසක් වූ දඹදිව ඉන්දියාව ලෙස ගැනීමයි. එනම් ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය ක්‍රිස්තු පුර්ව තුන්වන සියවසයෙන් කඩා එය ඉන්දියාවට බැර කිරීමයි.
ඉංග්රීසින්ගේ විෂය නිර්දේශයට අනුව බිහිවුන උගතුන් එදා සිටම කර ඇත්තේ එම ඉතිහාසය තවතවත් ශක්තිමත් වන ලෙස කරුණු ගොනු කිරීමයි. එම ඉතිහාසයේ නොගැලපෙන තැන් වලට විවිධ ගෙතීම් කර හිස් තැන් දැන හෝ නොදැන වැසිමයි.
සත්‍ය ඉතිහාසය පැහැදිලිව දක්නට ලැබේ. නමුත් මේ දක්වා එයට විෂය නිර්දේශයක් නැත.
අප මෙහි කරන්නේ එකී සත්‍ය ඉතිහාසයට තිබෙන මුලාශ්‍ර හා සාදක ඔස්සේ විද්‍යාත්මක මුහුණුවරකින් එම,
සත්‍ය ඉතිහාසය දැනගැනීමට කැමැත්තක් ඇත්තවුන් සදහා විෂය නිර්දේශයක් ගොඩනැගීමයි .......