in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
විශේෂ දැනුවත් කිරීමයි❗
අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණ විශේෂ ධර්ම දේශනයක් 2022 සැප්තැම්බර් මස 07 වන දින සවස 6:30 ට බුදු දහම youtube නාලිකාව තුළින් විකාශනය කෙරේ...
එම youtube නාළිකාවට පහත link එකෙන් පිවිසිය හැක...👇
𝐁𝐮𝐝𝐮 𝐃𝐚𝐡𝐚𝐦𝐚 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐋𝐢𝐧𝐤 -
youtube.com/channel/UCAOw-eLH...
තවත් සුවහසක් පිරිසට ශ්‍රවණය කිරීම පිණිස ඔබගේ කළ්‍යාණ මිතුරන්වද මේ පිළිබදව දැනුවත් කර ඔබත් මේ උතුම් ධර්ම දානයට සම්බන්ධ වන්න...
තෙරුවන් සරණයි🤗🙏
73 - 5
සත්‍යය ඔබ ලගමය,එය බඹයක් පමණ වූ ඔබේ සිරැරෙන්ම අවබෝධ කළ හැකිය,.
එහෙත් එය අසීරැය,,වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැක.
තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද
මග කියා දීම පමණෙකි,,එය සොයාගත යුත්තේ ඔබමය..
ලෝකය පිලිබදව ද අර්ථ දැක්වීම් බොහොය.
ඒ අතුරින් එක් තැනක ලෝකය යනු තමා දන්නා දක්නා දේවල් වලින් සැදුම් ලත් ලෝකයය.
*නමුදු, එක් සිතුවිල්ලකට ලෝකයම වෙනස්කල හැකිය*
*යහපත් කුසල සිතුවිලි ජනිතවන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.*
"උපුටා ගැනීමකි"
38 - 0
විශේෂයෙන් ම සඳහන් වෙනවා එක බුද්ධ ගුණයක් වුණත් විස්තර කරනවා නම් දස දහසක් ලෝක ධාතුව ඒකට සම්බන්ධ වෙනවා. ඒ තරමට අර්ථ සම්භාරයක් මේ එක වචනයෙන් පවා පවතිනවා. ඉතිපිසෝ ගාතාවෙ තියෙනවානේ ගුණ පද නමයක්. මෙව්වා එකක් එකක් ගානේ තේරුම් ලෙහාගෙන ලෙහාගෙන යනවනම් එහි තියන අර්ථ සම්භාරය අසීමිතයි. අරහං ගුණය වුණත් එක වචනය අකුරු තුනයි තියෙන්නේ. නමුත් අර්ථ සම්පත්තිය බෙදී බෙදී යනවා නම් දස දහසක් ලෝක ධාතුව සෑම දෙයක්ම ඒකට නිදසුන් කරන්න තියෙනවා.
ඒ වගේම සම්මා සම්බුද්ධෝ ගුණය, විජ්ජාචරණ සම්පන්නෝ ගුණය, සුගතෝ ගුණය, ලෝකවිදූ ගුණය, අනුත්තරෝ පුරිසදම්මසාරථී ගුණය, සත්ථා දේවමනුස්සානං ගුණය, බුද්ධ ගුණය, භගවා ගුණය... මේ එක එක ගුණයක් දෙවෙනි වෙන්නේ නෑ. එකකට එකක් අඩු වෙන්නේ නෑ. සෑම ගුණ පදයක්ම තේරුම් වශයෙන් අසංඛ්‍ය අප්රම්යය තේරුම් තියෙනවා. ඒක අපි බුදු බුදු ගුණ භාවනා වඩන කොටයි වැටහෙන්නේ.
නිදසුනක් වශයෙන් මම කියන්නම් දැන් අරහං කියන මේ වචනය කොහොමද අපි භාවනාවට ගන්නේ... අරහන් කියන වචනෙ අපි භාවනාවට ගැනීමේදී ඉස්සල්ලා එහි තේරුම් පහක් විතර අපි තෝරා ගන්නවා. ආරකත්ථා, අරීනංහතත්ථා අරානංහතත්ථා, පච්ඡයාදීනං අරහන්තා පාපකර්ණේ ප්රහාභාවා කියන තේරුම් 5ක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඕවා ඉතින් බෙදී බෙදී යනවා නම් ඉතින් අනන්ත අපරිමාණ තේරුම් ඕකට එකතු වෙනවා. ඒවා විස්තර කරන්න කාලය මදි වෙනවා මෙහෙම සුළු දේශනාවකදී...
ආරකත්ථා කියන්නේ දුරින්ම දුරු වූ අර්ථයයි.. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චිත්ත සන්තානයෙහි වැඩූ සතර මග සතර ඵල කියන මේ උතුම් ගුණාංග අටෙන්, ඒ කියන්නෙ චිත්ත චෛතසික ධර්ම නේ තියෙන්නේ. මාර්ග සිත්, ඵල සිත්.... ඔක්කොම අටක්නෙහ්... මේ සිත් තුළින් එයිනුත් විශේෂයෙන් මාර්ග සිත් සතරින් කෙලෙසුන්ගෙන් දුරු වුණා. නිකන් දුරු වුණා පමණක් නෙවේ.. වාසනා ගති සහිත ව ම කෙලෙසුන්ගෙන් දුරු වුණා. කෙලෙස් තියෙනවා 1500ක් බෙදලා බලනකොට...ඒ සියලු කෙලෙසුන්ගෙන් වාසනා සහිත කෙලෙසුන්ගෙන් සම්පූර්ණයෙන් දුරින්ම දුරු වුණා. යම් කිසි දෙයක් දුරින්ම දුරු වෙලා තියෙනවනම් ඒකට කියනවා අර්ථයක් තමයි... ආරක සෝතථෝ ආරකෝ නාම... යම් කෙනෙකු දුරින්ම දුරු වෙලා තියෙනවනම් ඒකට කියනවා ආරක කියලා...
දැන් නැගෙනහිරට බටහිට දුරයි. මහ පොළොවට අහස දුරයි. මූහුදෙන් එතෙරට එතෙර දුරයි. ඒ වාගේ බුදුරජාණන් වහන්සෙගේ සන්තානයෙහි සියලුම ක්ලේශ ධර්මයන් දුරින්ම දුරු වුනා. කවදාවත්ම නැවත සමීප වෙන්නේ නෑ. නැගෙනහිරට බටහිර සමීප වෙන්නේ නෑ. ඒ වාගේම මහපොළොවේ සිට භවාග්‍රය දක්වා මේ අහස සමීප වෙන්නේ නෑ. ඒ වාගේම සමීප නොවෙන හැටියටම කෙලෙසුන්ගෙන් දුරින් දුරු වුනා... එනිසා බුදුරජාණන් වහන්සේ ඒ දුරින්ම දුරු වූ අර්ථයෙන් ආරක කියන අර්ථයෙන් අරහං අරහං කියලා භාවිතා වෙනවා.
අනෙක් කාරණය තමා ක්ලේශ සතුරන් නැසූ හෙයින් කියලා. මේ ලෝකේ සතුරෝ ඉන්නවා මනුශ්යන් නෙමේ, දෙවියන් නෙමේ, අමනුශ්‍යයන් නෙමේ. කිසිකෙනෙක් සත්ත්ව පුද්ගල කෙනෙක් නෙමේ මේ සතුරෝ කියන්නේ. ඒ ඇත්තෝ කලින් කල සතුරුකම් ඇති කලත් කලින් කළ බොහොම හිත මිත්‍රයෝ...
දැන් මේ ලෝකේ ඉන්න සියලූම දෙනා සියලූම සත්ත්වයෝ තමන්ගේ අම්මා වෙලා තමන්ට පෙවූ කිරි සතර මහා සාගරයේ ජලයට වැඩි කියනවා. ඒ තරම් අම්මලා වෙලා තියෙනවා.. ඒ තරම් තාත්තලා වෙලා තියෙනවා. ඒ කාලේ අපට සතුරුකම් කෙරුවේ නෑ. ඒ කාලේ අපේ ඉතාම මිත්‍රයි දෙමව්පියෝ. ඒ වාගෙ තමයි ලෝක සත්ත්වයා කලින් කල සතුරන් වෙනවා. නමුත් කලින් කල යාලු හිතමිතුරන් වෙනවා. ඒ නිසා ඒක නියම සතුරුකමක් නොවේ.. මෙතන සතුරු කියලා කියන්නේ හැමදාම දුක් ගින්දර ගෙන දෙන ක්ලේශ ධර්මයන්.. 1500 ක් පමන තියෙන ක්ලේශ ධර්මයන් තරම් සතුරු ධර්මයක් ලෝකේ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතර මාර්ග ඥානයෙන් සියලුම ක්ලේශ ධර්මයන් සම්පුර්ණයෙන්ම සිද බිද දැම්මා. ඒවා විනාශ කලා. නැවත නූපදනා ආකාරයෙන් විනාශ කලා. ඒ නිසා සතර මාර්ග ඥානයෙන් කෙලෙසුන් නැසූ අර්ථයෙන් මේ අරීනංහතත්ථා කියලා සතුරන් නැසූ අර්ථයෙන් අරහං අරහං කියලා කියනවා.
අනික් කාරණය තමයි සංසාර චක්‍රය... සංසාර කියන එක පුදුම දෙයක්. ඒක චක්‍රයක්. චක්‍රයක් කියන්නේ මුලක් අගක් පෙන්වන්න පුලුවන් කමක් නෑ.. දැන් ඔය අවිජ්ජාපච්ඡයා සංඛාරා යනාදී වශයෙන් පටිච්ච සමුප්පාද රෝදයක් චක්‍රයක් පෙන්වනවා. ඒකේ මුල අග පෙන්වන්න බෑ. දැන් මුල අගේ කියන හැටියට අපි අවිද්‍යාව මුලයි කියලා කිව්වොත් වැරදී.අවිද්‍යාවත් එතන නැවත චක්‍ර වෙලා තියෙනවා. අවිද්‍යාවටත් හේතු තියෙනවා.. ඒ නිසා ඔක්කෝම නිකන් රෝදයක ආකාරයකින් චක්රයක ආකාරයකින් තමයි සංසාරේ පැවැත්ම තියෙන්නෙ... එතකොට මේ නාම රූප සංස්කාර ධර්මයන් අර විදිහට සංසාර පැවැත්මෙන් පවතිනවා. ඒවා බෙදා බලන කොට අංග වශයෙන් 12ක් තියෙනවා. අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාම රූප, සලායතන, පස්සවේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ කියලා...මේ අංග 12 සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ නැවත කඩා බිද දැම්මා. මෙයින් මින් ඉදිරියට කවදාවත් ඒ රෝදය ඒ චක්‍රය පවතින්නේ නෑ..උන්වහන්සේ හරියට සීලය නැමැති පොළොවේ වීර්යය නැමැති පයින් සිටගෙන ඒ වගේම කර්මක්ෂය කර සද්ධාව කියන අතින් කර්මක්ෂය කර ඥානය කියන ආවුධය, ආවුධය ගෙන ඒක සුණු විසුණු කලා. ඒ අවිද්යව බිදදැම්මා. තෘෂ්ණාව බිදදැම්මා. උපාදාන බිදදැම්මා. කර්වභව බිදදැම්මා. සංස්කාර බිදදැම්මා. ඔක්කෝම බිදදැම්මා.. බිදදැම්මා කියන්නේ ඒවා නැවත නූපදනා ආකාරයෙන් නැවත නොපවත්නා ආකාරයෙන් සුණු විසුනු කලා. සතර මාර්ග ඤාණයෙන්. එනිසා බුදුරජාණන් වහන්සේ සාංසාර චක්‍රයාගේ අවයව සිදලූ අර්ථයෙන් අරහං කියලා කියනවා..
මේ කියන ගුණංග තුනෙන් යුක්ත බැවින් බුදුරජාණන් වහන්සේ ලෝකයා විසින් කරනු ලබන සියලු පූජාවන්ට සුදුස්සෙක් උනා... වන්දනාවන්ට සුදුස්සෙක් උනා.
ඔය සහම්පති බ්රහ්මරාජයා මහමෙර තරම් විශාල රන් ටැඹකින් පූජා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේට. ඔය වාගේ බ්‍රහ්ම රාජවරු, දිව්‍ය රාජවරු, මනුෂ්‍ය රාජ රාජවරු, මහාමාත්‍යවරුන්, ධනවත් සිටුවරු ඒ වගේම ඉතා දුප්පතුන් පවා මලකින් හෝ පූජා කරනවා. හැම දේකින්ම පූජා කරන්න උන්වහන්සේ සුදුස්සෙක් උනා. මක්නිසාද ඒ පූජාව ලබන බුදුරජාණන් වහන්සේ පූජාවන් කෙරෙහි තණ්හා, දිට්ඨි, මාන උපදවන්නේ නෑ. දැන් ලෝකයේ බොහෝදෙනාට යමක් පරිත්‍යාග කලොත් ඒකට තණ්හා, දිට්ඨි, මාන උපදිනවා..කෙලෙස් උපදිනවා...බුදුරජාණන් වහන්සේට එහෙම කවදාවත්ම උපදින්නේ නෑ... උන්වහන්සේ පූජාවන් සිදු කරනවා කියලා තණ්හාවක් නෑ. මාන්නයක් නෑ. දිට්ඨියක් නෑ. එපමනක් නෙමේ ඒ පරිත්‍යාග කරන අයට පරිත්‍යාග කුසලය නිසා සම්පත්ද පහළ වෙනවා. ඒ තරමට බුදුරජාණන් වහන්සේගේ තියෙනෙවා නික්ලේශී භාවයක්. ඒ නික්ලේශි භාවය නිසා ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලබන්න සුදුස්සෙක් උනා.. ඒකත් අරහං කියන ගුණයෙන් හැදින්වෙනවා.
අනෙක් කාරණය තමයි පාපකරණේ ප්රහාභාවා ඉතිපි අරහං කියන්නේ... ලෝකයේ බොහෝ උගත් අය බොහෝ ධනවත් අය බොහෝ නම්බුකාර අය ඒ වගේම උසස් පන්තිවල සිටින අය එළිපිට පව් කරන්නේ නැ... තමන්ගේ ආත්ම ගරුත්වය රැක ගන්නවා. නමුත් හිත ඇතුලෙන් තමන් කාටවත් නොපෙනෙන්න යම් යම් අකුසල් කරගන්නවා. කයින් වචනයෙන් නොකලත් හිතින්හරි අකුසල් කරගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම නෑ... තමන්වහන්සේගේ ගුණස්කන්ධය අවීචියේ පටන් භවාග්‍රය දක්වා දසදහසක් ලෝක ධාතුවල පැතිරී තියෙනවා. ඒ නිසා උන්වහන්සේ කවදාවත් රහසින්වත් අකුසල සිතිවිලි මාත්‍රයකවත් පහල වන්නේ නෑ... උන්වහන්සේට එතරම් පිරිසිදු ඒ චිත්ත සන්තානය මේ පරිශුද්ධ වූ චිත්ත සන්තානයක් ඇති බැවින් ඒ බුදුරජාණන් වහන්සේට අරහං කියන මේ ගුණ පදය කියවෙනවා.. ඉතින් මේ ගුණංග පද පහෙන් එකක් එකක් ගානේ බැලුවොත් අනන්ත ලෝක ධාතුවට මේකෙ අර්ථ පැතිරී පවතින හැටි වටහාගන්න පුලුවන් භාවනා කිරීමේදී.
දැන් අරහං ගුණය භාවනා කරනවනම් ඉස්සෙල්ලා මේ ගුණ පද පහ සිතින් මෙනෙහි කරලා ඊලගට ඇහැ පියාගන උඩුකය කෙලින් තබාගෙන සියවර දහස් වර දසදහස් වර අන්නිවිහිත නොවී හිත පිටයන්න නොදී අරහං අරහං අරහං අරහං මේකම භාවිතා කරන්න ඕනේ.. මේකම භාවිතා කරනකොට සිතේ නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙලා පරිකර්ම සමාධියක් ඇති වෙනවා ඉස්සර වෙලා.මුලු ඇගපතම ඔක්කෝම පස්සද්දිය ඇති වෙලා අහසේ ඉන්නවා වගේ දැනෙන්න පුලුවන්. ඒ වගේම මේ පොළොවේ ඉන්නවාද අහසේ ඉන්නවද කියලා දන්නේ නෑ... ඒ තරමටම මේ ශරීරය පව අත පවා නොදැනී යනවා. ඒ තරමට ඇති වෙනවා සමාධියක් ඒකට කියනවා පරිකර්ම සමාධිය කියලා..එයින් නවතින්නේ නෑ ඒ අරහං කියන එක මෙනෙහි කරන්න කරන්න කරන්න තමන්ගේ හිත තවත් නීවරණයන් යටපත් වෙලා ඊට වඩා උසස් සමාධියක් ඇති වෙනව උපචාර සමාධිය.ඒ වෙලාවට බොහෝම ප්‍රීති සුඛ ඒකාග්‍රතා ඒ ගුණාංග පවතිනවා... ධ්‍යානාංග පහම පවතිනවා. එතකොට මේන්න මේ තත්වෙට කියනවා උපචාර සමාධිය.
ඔය බුදු ගුණ බොහොම ගාම්භීර නිසා පරමාර්ථ ධර්ම නිසා ඒකේ මේ අර්පණා සමාධි කියන ධ්‍යාන ලැබෙන්නේ නෑ. රූප ධ්‍යාන අරූප ධ්‍යාන ලැබෙන්නේ නෑ. මේ උපචාර සමාධිය කියන ධ්‍යානය ලැබෙනවා. අනිකුත් ගුණාංගත් ඔය විදිහට...අනෙකුත් ගුණාංග භාවනා කිරීමෙදිත් ලැබෙන්නේ උපචාර සමාධියයි.. මෙන්න මේ විදිහටයි බුදු ගුණ භාවනාවේ අනුපිළිවෙල...
තවත් මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සදහා පහත youtube channel වලට පිවිසෙන්න
අදාල ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සදහා පහත ලින්ක් එකෙන් පිවිසෙන්න...
https://youtu.be/hRNBKuxbp_0
නිවනට මග|Niwanata maga👇
youtube.com/channel/UCBxlyix6...
බුදු දහම|budu dahama👇
youtube.com/channel/UCAOw-eLH...
Nauyane Ariyadhamma thero
#Most_Ven_Na_Uyane_Ariyadhamma_Maha_Thero
#Budu_Dahama_Youtube_Channel
#Niwanata_Maga_Youtube_Channel
#Budu_Dahama_Facebook_page
2021- Post
122 - 8
https://youtu.be/HonD6Yv3vy0
ධර්ම දේශනාව ඉහත Link එකෙන් ශ්‍රවණය කරන්න.
දේශකයාණන් වහන්සේ අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ...
තෙරුවන් සරණයි...
63 - 0
සද්ධම්ම සවණං කියලා මෙතන හදුන්වනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සුවිසුද්ධ වූ ආදි කල්‍යාණ කියන්නේ මුලින් යහපත්, මජ්යයේ කල්‍යාණ මැදින් ද යහපත්, ඒ වගේම වගේම පරිඅවසාන කල්‍යාණ අගින් ද යහපත්, මුල මැද අග අවස්ථා තුනම කල්‍යාණ ගුණයෙන් යුක්ත වුනා වූ අර්ථ සම්පන්න වූ ව්‍යාංජන සම්පන්න වූ සර්ව සම්පූර්ණ වූ සුපරිශුද්ධ වූ ශ්‍රී සද්ධර්මය....
ඇසූ ඇසූ කෙනෙහි සිතූ සිතූ කෙනෙහි ඒ වගේම බැලූ බැලූ කෙනෙහි යෙදුණු යෙදුණු කෙණෙහි තමන්ගේ සිත සනසවන සිතට කුසල් සිත් උනවන සිතට අවබෝධයක් ලබාගත හැකිවන ඒ ධර්මය ඉතාම ගෞරවයෙන් සවන් දීලා සිතට දරා ගන්නව.
හිස්ව තිබුන භාජනයකට වතුර පුරවන්න වගේ ධර්මය තමන්ගේ හිතට ඇතුළත් කර ගන්නවා. සිංහ තෙල් කියන ජාතිය බොහොම විනිවිද යනව. රත්තරන් භාජනයක තිබුණොත් පමණක් ඒ සිංහ තෙල ආරක්ෂා වෙනවා. ඒ වගේම රත්රන් භාජනයක සිංහ තෙල් තැන්පත් කළා වගේ ඔය දහම් පද ටික මාර්ග ඵල නිවන දක්වා උපකාරවන දහම් පද ටික හිතේ දරා ගන්නවා.
එසේ දරා ගැනීම සඳහා ධර්මශ්රවණය කරනවා. අට්ඨීකත්වා, මනසිකත්වා, සබ්බංචේතසෝසමංණාහරිත්වා ඕහිතසෝතෝධම්මං සුණාති කියන මේ උපදේසයට අනුව බණ ටික අහනවා.
⭕අට්ඨීකත්ව කියන්නේ දීර්ඝ සංසාරයෙහි සිහිනයකින් වත් නො ඇසූ විරූ මේ අති උත්තම වූ ලොවේ ලොව්තුරු සුව සලසා දෙන්නා වූ සුවි සුද්ධ වූ ධර්මය මට අහන්නට ලැබුණා මේ උතුම් ධර්මය මගේ ජීවිතය ගැන නොතකා ඒ වගේම වෙනත් වෙනත් බාධාවන් නො තකා මම ඉතාම ගෞරවයෙන් අහන්නට ඕනේ.. ඉතාම ගෞරවයෙන් මේකට සවන් දෙන්නට ඕන කියන අවශ්‍යතාවය හිතේ දරාගෙන කුසලච්ඡන්දයෙන් බණ අහනවා.
⭕මනසිකත්වා ධම්මං සුනාති කියන්නේ කියවෙන කියවන දහම් පදයක් දහම් පදයක් පාසා හිතින් මෙනෙහි කරනවා. මේ කියන්නේ මේ තේරුම යි මේ කියන්නේ මේ තේරුමයි කියලා ඒකෙ තේරුම් වටහාගෙන වටහා ගනිමින් ම මනසින් මනාව සිහිය පිහිටුවාගෙන සවන් දෙනවා.
⭕ඒ වගේම සබ්බංචේතසෝසමංණාහරිත්වා ධම්මං සුණාති.. කියවෙන දහම් පදයක් පදයක් පාසා මල්වඩමක් ගොතන්නාක් මෙන් මුතු වැලක් මුතු ඇට අමුණන්නාක් මෙන් අතරක් නෑර ඒ දහම් පද ටික හිතට ඇතුළත් කරගනිමින් බණ අහනවා.
⭕ඕහිතසෝතෝ ධම්මං සුණාති....වටපිට බලන්නේ නෑ. උඩ බිම බලන්නෙ නෑ. අතපය සොලවන්නේ නැ. ඇසිපිය සොලවන්නේ නෑ. සමාධියට සමවැදුනු ධ්‍යානයට සමවැදුණ යෝගාචරයෙක් වාගේ පහසු විහරණයෙන් ශරීරය තැන්පත් කරගෙන දෙසවන් යොමාගෙන අර මුලින් සඳහන් කලානේ රත්තරන් භාජනයේ සිංහ තෙල් තැන්පත් කරනවා වගේ තමන්ගේ මනසේ ධර්මය තැන්පත් වෙන හැටියට සතෝසම්පජානකාරීව සිහි නුවණින් යුක්තව ධර්මය ශ්‍රවණය කරනවා.
මෙන්න මේ පිළිවෙළට ධර්මය ශ්‍රවණය කිරීම සීලවන්ත වීමට උපකාරී වෙනවා. සමථ භාවනාවෙන් උපචාර සමාධිය, අර්පණා සමාධි, අෂ්ඨ සමාපත්ති ලැබීමට උපකාරී වෙනවා. අභිඥා බල උපදවන්නට උපකාරී වෙනවා. විදර්ශනාවට බැසගන්නට උපකාර වෙනවා. සප්ත විශුද්ධිය අනුගමනය කරන්න උපකාර වෙනවා. ඒ වගේම මාර්ග ඵල ප්‍රතිලාභයට අත්‍යවශ්‍යව උපකාරී වෙනවා.🙏
තවත් මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සදහා පහත youtube channel වලට පිවිසෙන්න
නිවනට මග|Niwanata maga👇
youtube.com/channel/UCBxlyix6...
බුදු දහම|budu dahama👇
youtube.com/channel/UCAOw-eLH...
Nauyane Ariyadhamma thero
#Most_Ven_Na_Uyane_Ariyadhamma_Maha_Thero
#Budu_Dahama_Youtube_Channel
#Niwanata_Maga_Youtube_Channel
#Budu_Dahama_Facebook_page
2021- Post
102 - 10
ධර්ම දාන වශයෙන් හඳුන්වනවා අට්ඨකතාවල මේ ලෝකයේ මහා පොළෝතලය සමතලා කරලා, ආසනයෙන් ආසනය අසුන් පනවලා බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා පේළි පේළි පේළි වඩා හිදුවලා මුළු සක්වල පුරාම වඩා හිදුවලා දිව්‍යමය ආහාරපාන, ඒ වගේම දෙවතල වලින් කළ තුන් සිවුරු අට පිරිකර, අනිකුත් සිව්පසයට අවශ්‍ය දේවල් මේවා අහස උසට මහ මෙර උසට පූජා කරනවට වඩා ඒ වගේම ජේතවනාරාමය, වේළුවනාරාමය, පූර්වාරාමය වැනි විහාරස්ථාන, අසූහාරදහසක් වෙහෙර විහාර, ශ්‍රී ලංකාවේ ලෝවාමහාප්‍රාසාද විහාරය, රුවන්වැලිමහා සැය, ඒ වගේම ථූපාරාම සෑය, මහියංගණ සෑය, මිරිසවැටිය සෑය ආදී මේ විහාර ස්තූප. මේවා කරනවටත් වඩා සතර පද ගාථාවක ධර්ම දානය මහත්ඵලයි, මහානිසංසයි කියන එක අට්ඨකතාවේ සදහන් කරනවා.
ඒ මක්නිසාද මේ ධර්මය අහලයි, දැනගෙන තමයි දන් දෙන්නේ, සිල් සමාදන්ව රකින්නේ, භාවනා කරන්නේ, ධ්‍යාන වඩන්නේ, අභිධ්‍යා වඩන්නේ, විදර්ශනා වඩන්නේ, කෙලෙස් නසා සතර මග ඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්නේ.
ලොව්තුරා බුදුවරයන් වහ්න්සේලා පහළ වන්නේ ධර්මය නිසයි. පසේ බුදුවරයන් වහ්න්සේලා පහළ වෙන්නේ ධර්මය නිසයි. රහතන් වහන්සේලා, අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවක ආදී රහතන් වහන්සේලා පහළ වෙන්නේ ධර්මය නිසයි.
මේ නිසා මේ ධර්ම දානය සියල්ලටම වඩා අග්‍රයි, ජ්‍යේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි, උත්තමයි, කියලා දේශනා කළා.
සාදු සාදු සාදු 🙏
අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ දේශනාවකි.
මෙහි ඉතිරි කොටස ශ්‍රවණය කිරීමට පහත LINK එකට පිවිසෙන්න... 👇
https://youtu.be/_8BfXpnw5RQ
අක්ෂර දෝෂ ඇත්නම් එයට සමාවෙන ලෙස ඉල්ලා සිටිනවා...
තෙරුවන් සරණයි.!!!
උතුම් ධර්ම දානය පිණිස මෙය තව අයෙකුට share කරන්න....
තවත් මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සදහා පහත youtube channel වලට පිවිසෙන්න
නිවනට මග|Niwanata maga👇
youtube.com/channel/UCBxlyix6...
බුදු දහම|budu dahama👇
youtube.com/channel/UCAOw-eLH...
Nauyane Ariyadhamma thero
#most_ven_na_uyane_ariyadhamma_maha_thero
#budu_dahama_youtube_channel
#niwanata_maga_youtube_channel
#Budu_Dahama_Facebook_page
2021- Post
92 - 5
තෙරුවන් සරණයි. කමටහන් කියලා කියන්නේ භාවනා කර්මස්ථානයන්ට සිංහලෙන් කියන වචනයක්. මේක පාලියෙන් කියනවා කම්මට්ඨාන කියලා. බොහෝ සෙයින් කර්මස්ථාන කියලා කියනවා මිශ්‍ර වූ සිංහල භාෂාවෙන්.සංස්කෘත වචනයෙන්.
කර්මස්ථාන කියන එකේ තේරුම මෙතන භාවනාවට තියනවා යෝග කර්ම කියලා. යෝග කර්ම. සමථ භාවනා යෝග කර්ම, විපස්සනා භාවනා යෝග කර්ම. ඒ විදිහේ යෝග කර්මවලට තමයි මේ කර්මස්ථාන කර්මස්ථාන කියලා හදුන්වන්නේ. යෝග කියලා කියන්නේ භාවනාවටම නමක්.
යෝගාවේ ජායතීධූරී අයෝගා ධූරී සංකයෝ ඒතං ද්වේධාපසංයත්වා භවාය විභාවායච තථත්ථානං නිවේසයේ යථා භූරිපවඩ්ඩති යනුවෙන් බුද්ධ වචනයේ සදහන් වෙනවා භාවනාවට කියනවා යෝගය යෝගය කියලා. යෝගයෙන් හෙවත් භාවනාවෙන් නුවණ වැඩෙනවා. භාවනා නොකිරීමෙන් නුවණ පිරිහෙනවා. මේ නිසා නුවණ වැඩෙන නුවණ පිරිහෙන මාර්ග දෙක තේරුම් ගෙන ඥානවන්තයා විසින් නුවණ වැඩෙන භාවනා කළ යුතුයි කියලා උපදෙස් මේ ගථාවේ සදහන් වෙනවා.
එනිසා ඒ නුවණ වැඩෙන මේ භාවනාවට යෝග කියන වචනය යෙදී ඇති බැවින් ඒ යෝග කර්ම තමයි කර්මස්ථාන කීයලා හදුන්වන්නේ. කමටහන් කියන්නේ. ඒවා අපේ බුද්ධ ශාසනයේ තියනවා සමථ භාවනා, විපස්සනා භාවනාව නමින් කොටස් දෙකක්. සමථ භාවනා වශයෙන් තියනවා සතළිසක්. ඒ කියන්නේ කසින භාවනා 10යි, අසුභ භාවනා 10යි, අනුස්සති භාවනා 10යි, බ්‍රහ්ම විහාර භාවනා 4යි. ආහාරයේ පටික්කූල සංඥා භාවනාවයි, ධාතු මනසිකාර භාවනාවයි, අරූප කර්මස්ථාන භාවනා 4යි. සියල්ල 40යි. ඔය හතළිහටම කියනවා භාවනා කර්මස්ථාන කියලා. විදර්ශනා භාවානාවේ තියනවා ප්‍රභේධ කිහිපයක්. ඒ කියන්නේ නාම රූප විදර්ශනාව, ස්කන්ධ විදර්ශනාව, ආයතන විදර්ශනාව, ධාතු විදර්ශනාව, පටිච්ච සමුප්පාද විදර්ශනාව ආදී වශයෙන් විදර්ශනාවේ ප්‍රභේධ රාශියක් තියනවා.
එතකොට මෙහි දී ඒ භාවනා කර්මස්ථාන පිළිබදව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේ ඉදන් භාග්‍යවතුන් වහන්සේගේන් සුදුසු කර්මස්ථාන ලබා ගන්නවා. භික්ෂූන් වහන්සේ හෝ ගිහි කෙනෙක් හෝ භාවනා කරන්න තමන්ගේ චරිතය අදුනගන්නට ඕනේ. ඒ චරිතයට අනුරූප කර්මස්ථානය වැඩුවොත් තමයි ඒක සාර්ථක වෙන්නේ.
චරිත බොහෝ ආකාර තිබෙන අතර විශුද්ධි මාර්ගයේ චරිත 6ක් හදුන්වනවා. රාග චරිත, දෝස චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත කියලා.
මේ රාග චරිත කියන්නේ නිතර ආසාව බහුලව ඇති පුද්ගලයෝ. ඒ අයට වැඩියෙන් ගැළපෙනවා කායගතාසති භාවනාව හා දස අසුභ භාවනා කියන එකොළහ. ඒ වගේම ද්වේශ චරිතයා කියන්නේ නිතර තරහා යන සුළු පුද්ගලයා. ස්වභාවයෙන්ම ඔහු තරහා යන කෙනෙක්, කේන්ති බහුල කෙනෙක්. එවැනි කෙනෙකුට බොහෝ සෙයින් හදුන්වනවා බ්‍රහ්මවිහාර භාවනා 4යි, වර්ණ කසින භාවනා 4යි. ඊළගට මෝහ චරිතයාට හා විතර්ක චරිතයා දෙන්නට ගැළපෙන්නේ ආනාපානසතිය. සද්ධා චරිතයාට බොහෝ සෙයින් උපකාර වෙනවා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති කියන මේ භාවනා හය. බුද්ධි චරිතයාට විශේශයෙන් ප්‍රයෝජන වෙනවා මරණානුස්සති, ඒ වගේම ධාතු මනසිකාර භාවනාව, මරණානුස්සති හා උපසමානුස්සති කියන මේ ආදී භාවනා වාර හතරක්. ආහාරයේ පටික්කූල සංඥා, ධාතු මනසිකාර, මරණානුස්සති, උපසමානුස්සති, මේ හතර ප්‍රඥා චරිතයාට ගෝචර වෙනවා. ඉතිරි කර්මස්ථාන කාට කාටත් සාධාරණයි.
නමුත් ඒ භාග්‍යවතුන් වහන්සේ නැති කාලෙක රහතන් වහන්සේලාගෙන් කමටහන් ගන්න සුදුසුයි. ඒ වගේම ත්රිපිටකධරී උතුමන්ගෙන් කමටන් ගන්න සුදුසුයි. මේවා වගේ භාවිත පුරුදු කරන භාවනා වඩන කළ්යාණමිත්රයන්ගෙන් කමටන් ගන්න සුදුසුයි. තවත් සමහර විට ඒ කර්මස්ථාන ආචාර්යයන් වහන්සේලා උපදෙස් දෙනවා දවස් තුන තුන බැගින් එක එක කර්මස්ථානය වඩලා බලන්න. තමන්ට ගැළපෙන භාවනාව තෝරගෙන ඒක දියුණු කරන්න කියලත් උපදෙස් දෙනවා.
මේ විදිහට මේ භාවනා කර්මස්ථාන වැඩීම සම්බන්ධව කළ්‍යාණ මිත්‍ර උපකාර අත්‍යවශ්‍යයි. තමාගේ සිතූ මතේ භාවනා වඩීමෙන් බොහෝ සෙයින් යෝගාවචරයන් අතරමං වෙනවා. නොමග යනවා. මේක නිසා කළ්‍යාණ මිත්‍ර ගුරු ඇසුරක පිහිටාගෙන කෘතහස්ත ගුරුවරයෙකුගෙන් උපදෙස් ලබා ගෙන මේ භාවනා කමටහන් වඩුවොත් නිසි ප්‍රථිඵල නෙලා ගන්නට පුලුවනි.
අපට මාර්ගඵල ලැබෙන්නේ නෑ කියලා කවදාකවත් පසුබට වෙන්න අවශ්‍ය නෑ. මාර්ගඵල ලැබෙන්නට ප්රථිපත්තියේ යෙදෙන්නට ඕනේ . යම් කිසි වී වර්ගයක් තියනවා මේ වී වර්ගය පැළ වෙන එකක් නෑ නේද කියලා වපුරන්නේ නැතුව හිටියොත් කොහොමත් පැළ වෙන්නේ නෑ. ඒ වී වර්ගය පැළ වෙනවද නැද්ද කියලා බලන්න වපුරන්නට ඕනේ. වැපුරුවොත් සමහර විට පැළවෙන වීයක් නම් පැළවෙනවා. පැළ වෙන්නේ නැතුව යල් පැන්න වීයක් නම් ඒක ඉතින් පැළ නොවී යනවා. නමුත් ගන්න ඒ උත්සාහය නිෂ්ඵල වන්නෙ නෑ. තමන්ගේ ඒ ගොවිතැනට තව තවත් වී වර්ග සොයාගන්නවා. ඒ වාගේ දැන් මේ භාවනා කමටහන් වඩල කවදාකවත් ඒක නිෂ්ඵල වෙන්නේ නෑ. ඒක මතු අනාගතයට හරි උපනිශ්‍රය වෙනවා. ඒ නිසා මේ භාවනා කමටහන හෙවත් යෝග භාවනා කර්මස්ථාන යම් පමණක් දිනපතා දියුණු පමුණු කරගැනීම ගිහි පැවිදි සෑම දෙනාම උනන්දු වීම ඉතාම වැදගත් ප්‍රඥාගෝචරයි කියලා අපි බොහොම කරුණාවෙන් හදුන්වනවා.
සාදු සාදු සාදු 🙏
අති පූජනීය නා උයනේ අරියධම්ම නායක හිම්පාණන්ගේ දේශනාවකි.
අක්ෂර දෝෂ ඇත්නම් එයට සමාවෙන ලෙස ඉල්ලා සිටිනවා...
තෙරුවන් සරණයි.!!!
උතුම් ධර්ම දානය පිණිස මෙය තව අයෙකුට share කරන්න.........
මෙහි ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පහත LINK එකට පිවිසෙන්න... 👇
https://youtu.be/Dc3TuXxx7m8
තවත් මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සදහා පහත youtube channel වලට පිවිසෙන්න
නිවනට මග|Niwanata maga👇
youtube.com/channel/UCBxlyix6...
බුදු දහම|budu dahama👇
youtube.com/channel/UCAOw-eLH...
Nauyane Ariyadhamma thero
#most_ven_na_uyane_ariyadhamma_maha_thero
#budu_dahama_youtube_channel
#niwanata_maga_youtube_channel
#Budu_Dahama_Facebook_page
2021- Post
132 - 3
මෙම youtube නාළිකාව තුළින් සිදු කෙරෙන ධර්ම දානයෙන් ලැබෙන්නා වූ සියලුම කුසලානුධර්මයන් පින් කැමැත්තන් හට සතුටින් යුතුව අනුමෝදන් කරමි...අනුමෝදන් වෙත්වා....එමෙන්ම මේ youtube නාළිකාව කරගෙන යාමට සහයෝගය දක්වන සියලුම දෙනාටත්, ධර්ම ශ්‍රවණය කරන ඔබටත් උතුම් නිවනින් සැනසීමටම මෙම ධර්ම දානය හේතු වේවා. වාසන වේවා. පාරමිතාවක්ම වේවා.
තෙරුවන් සරණයි