in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
මධූ යන්නම ගිහින් 😥💔🏳️🏳️
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතනාභිධාන හිමිපාණන් වහන්සේට අයත් මධූ හස්තියා හදිසි අනතුරකින් මීට සුලු මොහොතකට පෙර අප අතරින් සමුගෙන ඇත. 😔🏳️
.
යහපත් ආත්මයක ඉපදේවා !!!!
#madu #Badulla #kandyesalaperahera #srilanka #EsalaPerahera #perahara #peraharawithelephents #domesticelephant #elephantlovers #elephant
41 - 1
දිගු දල හිමි ජනරාජා 🐘💛
.
හෙම්මාතගම මිහිදු මහා පොසොන් පෙරහැරේ පෙරහැර කරඩුව වැඩමවීම ශ්‍රී දළදා මාලිගයට අයත් ජ්‍යෙෂ්ඨතම ඇත් රජෙකු වන ජන රාජා ඇතු විසිනි.
.
📷 :- Ravindu Gunathilaka
.
Ravi SRI
.
#athgala #domesticelephant #kandy #asianelephant #SriLanka #elephantlove #SriDaladaMaligawa #TUSKERS #culture #pearahara
30 - 0
වේයන්ගොඩ හැඩ කළ කෝට්ටේ කුමරු 👑
.
කෝට්ටේ රාජා | KOTTE RAAJA
.
📷 :- Chathu Ranga
.
#weyangoda #kotte #athgala #posonpoya #perahara #TUSKERS #SriLanka #asianelephant #burumaraja #kandy #Culture #SriDaladaMaligawa
26 - 0
අනාගත බලාපොරොත්තු ✨️
.
පුලතිසි රාජා | PULATHISI RAJA
.
පොලොන්නරුව පොසොන් දළදා පෙරහැරේ මගුලැතු ලෙස සැරසුනු ශ්‍රී දළදා මාලිගාවේ පුලතිසි රාජා ඇතු.
.
#SriDaladaMaligawa #athgala #asianelephant #posonpoya #burumaraja #sridalada #SriLanka #kandy #culture #indiraja #polonnaruwa
19 - 0
විශාල බලාපොරොත්තුවක්
හදෙහි දල්වාගෙන...
නැවත හමුවන අරමුණින්
තාවකාලික සමු දීම.....
.
බුරුම රාජා | කලු ඇතා | BURUMA RAJA
.
2024 පොසොන් පෙරහැර මංගල්‍යය ශ්‍රී දළදා මාලිගය
.
Ravi SRI
#burumaraja #athgala #SriLanka #sridalada #culture #SriDaladaMaligawa #kandy #asianelephant #posonpoya
15 - 0
සෙංකඩගලපුර දළදා බුදුරැස්
විහිදෙන තුරු නෑ වරදින්නේ...
.
අට වසරකට පසු සධාතුක කරඩුව වැඩවීමේ වගකීම
භාර ගත් බුරුම රාජා මගුලැතු🐘🤍
.
Ravi SRI
#posonpoya #SriDaladaMaligawa #sridalada #burumaraja #athgala #indiraja #SriLanka #asianelephant #kandy #Culture #srilankatravel
19 - 0
වන රජ දහනෙන් නික්ම ගිය තේජවන්තයා
" රේවත"
.
(ගිජිදු ප්‍රාණ - 02)
කලා වැවේ මෙන්ම බළලු වැවේ දශක පහකට ආසන්න කාලයක් ආඩම්බරකාරයකු ලෙසත් අහිංසක සතකු ලෙසත් මනමාලයකු ලෙසත් මෙරට සහ විදේශ රටවල ද බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වී සිටි "රේවත" නමැති ඇත් රජු විදුලි සැර වැදීමෙන් මිය ගිය පුවත බොහෝ දෙනාට වේදනා ගෙන දෙන්නක් වී තිබිණි.
කලා වැවේ මෙන්ම බළලු වැව ගල්කිරියාගම රක්ෂිතය කහල්ල රක්ෂිතය රේවතගේ නිජබිම විය.
අවුරුදු හතළිස් පහක් පනහක් පමණ කාලයක් ජීවත් වූ රේවත ඉතා හැඩි දැඩි ඇතෙකි.
රේවත නිතර නිතර රංචු පිටින් කෑම සොයා යෑමට ඇල්මක් දක්වන ඇතෙකි.
එපමණක් නොව රේවත කුඩා අලි පැටවුන් සමඟ සෙල්ලම් කිරීමට දැඩි ඇල්මක් දැක්වූ ඇතෙකු වීමද ඡායාරූප ශිල්පීන්ට මෙන්ම රේවත දෙස බලා ඉන්න අයගේ දෑස් පිනවන තවත් දසුනකි.
නීල දෙක ඇතා තවත් ඇතෙකු සමඟ ඇති වූ ගැටුමකින් මියගිය අතර නිල කලා වැවේ නායකයා ලෙස හඳුනාගෙන තිබිණි.
නිල මිය යෑමත් සමඟ කලා බළලු වැවේ අලි 350 කට පමණ නායකත්වය දෙන්නට ඉදිරිපත්ව සිටියේ රේවත වීමද විශේෂත්වයකි.
කැකිරාව, මහ කැකිරාව, අලියා වැටුණු වැව ප්‍රදේශයට රේවත ඇතුළු අලි කණ්ඩායම ගමන් කොට ඇත්තේ අස්වැන්න අවසන් වූ බඩ ඉරිඟු හේනක ආහාර ගැනීම සඳහාය. අස්වනු අවසන් වූ තැන විදුලිය ඇද ඇති බවක් රේවත හෝ එහි ගිය කිසිදු සද්දන්තයකු නොදන්න ට ඇත. එහෙත් සිදු වූයේ අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනට රේවත ජීවිතය බිලි වීම ය.
2021 මාර්තු මස දිනක කලා වැව බැබලවූ තේජවන්ත රේවත අපට අහිමි වූයේ තවත් නොමිනිස් ක්‍රියාවක් හේතුවෙනි.
රේවත ඉන්නා තැනක සතුටින් ඉන්න නැවත මෙහි උපදින්නට නොසිතන්න🥺
(තොරතුරු අන්තර්ජාලයෙනි)
Ravi SRI
📸චායාරූපයේ හිමිකාරීත්වය Sadeepa Gunawardana ❤ ඔබට ස්තූතියි 🙏
#wildlife #wildlifeplanet #TUSKERS #srilankatravel #SriLanka #love #asianelephant #srilankanelephant #culture
22 - 2