2,320 Views • Oct 23, 2024 • Click to toggle off description
තුර්කි ප්‍රහාරය
තුර්කියේ අන්කාරා නුවර Turkish Aerospace company නම් එරට ප්‍රධාන ගුවන් යානා නිෂ්පාදන කර්මාන්ත ශාලාව තුළ වූ ප්‍රහාරයකින් 4 දෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබේ. කිසිවෙකු විසින් ප්‍රහාරයේ වගකීම බාරගෙන නැති අතර, මීට පෙර ISIS, කුර්දි ගරිල්ලන් සේම අන්තවාමාංශික කැරලිකරුවන් ද තුර්කිය තුළ ප්‍රහාර සිදු කර ඇත. තුර්කි ජනාධිපති එර්ඩෝගන් අද දින (23) රුසියාවේ බ්‍රික්ස් සමුළුවට සහභාගි වෙමින් සිටිය දී ප්‍රහාරය එල්ල වීම කිසියම් උපක්රමික වැදගත්කමක් ඊට ලබා දෙයි. තුර්කිය නේටෝ රටක් වන අතර, එරට බ්‍රික්ස් සංධානය සමග සබඳකම් පවත්වා ගැනීම බටහිර අගනුවරවල නොමනාපයට හේතු වී තිබේ. එම තත්ත්වය හා ප්‍රහාරය අතර සම්බන්ධයක් තිබේ ද යන්න ගැන තාමත් කිසිදු තොරතුරක් නැත.
ප්‍රහාරය සිදුවූ තුර්කි ගුවන් සමාගම විසින් එරට පළමු ප්රහාරයක ගුවන් යානය වන කාන් (Kaan) නිපදවන අතර, එහි බයිරෙක්තර් නම් නියමුවන් රහිත යානය ද ජනප්‍රිය නිපැයුමකි. මේ දිනවල ස්තාම්බුල් නුවර ගුවන් නිෂ්පාදන ප්‍රදර්ශනයක් පැවැත්වෙන අතර, ඊට යුක්රේන විදේශ ඇමතිවරයා ද සහභාගී වි සිටියේය.
තුර්කි අපනයනවලින් 80%ක් පමණ මෙම සමාගම මගින් නිපදවන ගුවන් යානා ආශ්රිත නිපැයුම් හරහා ලැබේ.
ප.ලි. මේ වන විට ප්‍රහාරය සිදු කර ඇත්තේ Kurdistan Workers Party (PKK) කැරලිකරුවන් බව අනාවරණය වී ඇත
Metadata And Engagement
Views : 2,320
Genre: People & Blogs
Uploaded At Oct 23, 2024 ^^
warning: returnyoutubedislikes may not be accurate, this is just an estiment ehe :3
Rating : 5 (0/74 LTDR)
100.00% of the users lieked the video!!
0.00% of the users dislieked the video!!
User score: 100.00- Masterpiece Video
RYD date created : 2024-10-24T00:25:31.698191Z
See in json
Tags
@chanakaasintha6927
4 weeks ago
අල්ලා තමයි අල්ලා ......හැම ප්‍රහරයක් එල්ල වන හැම තැනම අල්ලා නම ඇහෙනවා
21 |